අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Tuesday, September 20, 2011

හෙතු හමි අයියා

අපි ඔහුව සේතුහාමි ලෙස හඳුන්වමු. ඔහු සැබවින්ම පණ්ඩිතයෙකි. කලකට ඉහතදී සේතුහාමි සීයාගේ ගමේ සිදුවූ සිද්ධියකි මේ....

දිනක් කුඹුරු යායේ ගොයම් කපා අහවරවුනේ ඇඳිරිවැටෙනවාත් සමගය. රාත්රී ආහාරයද සප්පායම් වීමෙන් පසු ගොයම් පෑගීම ආරම්භ විය. නමුත් එක් ප්රශ්නයක්වූයේ එක තැනකට පැට්රෝල් ලාම්පුවක් එල්ලා ගැනීමට කණුවක් නැති කමය. දෙතුන් දෙනෙක් ගැන විපරම් කරන දෙස බලා සිටි සේතුහාමි සීයා....
"
කොල්ලෝ මෙහ වරෙන්..... පලයන් අර දොල අයිනට. එතන තියෙන උණ පඳුරෙන් ගහක් පහත් කරපංකෝ. හරියටම කමත මැද්දඑ ඒක පාත් වෙන්නේ...... ඒකේ එල්ලපංකෝ ලාම්පුව. එතකොට වටේටම එළියයිනේ.... " කිව්වාලු.


වැඩි දුර නොසිතූ කොල්ලන් දෙදෙනා උණ ගස ක් පාත් කරගෙන කරගෙන ඇවිත් බලන විට පුදුමුයකි ! සේතුහාමි සීයාගේ නුවන ... හරියටම කමත මැද කදිමට ලාම්පුව එල්ලිය හැකිය. කිසිත් නොසිතා පැට්රෝල් ලාම්පුව එහි එල්ලා උණ ගස අත ඇරියාලු.

සීතීමටවත් වේලාවක් නොගෙන පැට්රෝල් ලාම්පුව ආගිය අතක් සොයා ගත නොහැකි ලෙස ඉගිලී ගියාලූ. දැන් කමතම කරුවලේය. සේතුහාමි සීයාද කරුවලේම මාරු වී ඇත. නැවත ලාම්පුවක් සොයාගැනීමද උගහටය. ලාම්පුව සොයා ගැනීමට ක්රමයක් කල්පනා කරන අතර නැවත සීයා පැමිණියේය....

"
මක් කරන්නද කොල්ලෝ වෙච්ච දේ..... .. දැන් ඉතිං උණ ගහම පාත් කරපං. ඊට පස්සේ ගිරේ එල්ලපං ඉස්සෙල්ලා වගේම. ඊට පස්සේ එකපාරටම අත ඇරපං. එතකොට ගිරේ ගිහිල්ලා ලාම්පුව වැටුන තැනටම වැටෙයි. එතකොට අනිවාර්යයෙන්ම සද්දෙ එනවනේ බං ටාං ගාල අපිට ලාම්පුව තියෙන තැන එතකොට හොයා ගන්න පුළුවන්"
                                  
වෙන කල්පනාවක් නැති සියළුදෙසා සීයා කියූ ලෙස කලාලු. ගිරයද ආගිය අතක් නැත.
සේතු හාමි සීයාද ආගිය අතක් නැතිවුනාලු.

No comments:

Post a Comment